අප ගැන

සිංහලයාගේ තිරසාර පැවැත්මත් හා ලක් මාතාවගේ සුරක්ෂිතභාවයත්, භෞමික අඛණ්ඩතාවයත්, ස්වාධිපත්යත් හා එහි අභිවෘධියත් වෙනුවෙන් කටයුතු කරනු ලබන ජාත්‍යන්තර සම්මේලනයකි

දැක්ම

සියලු ජන කොටස් හි අභිවෘද්ධිය සලසන අභිමානවත් සිහල දේශයක් ස්ථාපිත කිරීම

මෙහෙවර

හෙළ දෙරණේ එක නීතියක්, එකම ධජයක් සහ එකම ජාතික ගීයක් ස්ථාපිත කිරීම.

ආදර්ශ පාඨය

අභිමානවත් හෙළ දෙරණක්

හෙලයිනි එක්වව් !!

ලොවපුරා සිටින සෑම ජාතියක් වෙනුවෙන්ම ලෝක සංවිධාන ආරම්භ වී තිබේ. එසේ ආරම්භ වන්නේ තම ජාතිය වෙත අනෙකුත් ජාතීන් විසින් එල්ල කරනු ලබන අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට හා අභියෝග ඉදිරියේ තම ජාතිය ආරක්ෂා කර ගැනීම සඳහා ලෝක ප්‍රජාව දැනුවත් කිරීමටයි. තවද ශ්‍රී ලංකාව ලෝකයේ වැදගත්ම උපක්‍රමශීලී ස්ථානයක එනම් Strategic Location එකක පිහිටා ඇත. එබැවින් ගිවිසුම් හරහා ශ්‍රී ලංකා භූමිය අත්පත් කරගැනීමට සියලු බලවත් ජාතීන් නිරන්තරයෙන් කැස කවමින් සිටී. එබැවින් එම ආක්‍රමණ නවත්වාලීම සඳහා එම රටවල වෙසෙන සිංහලයින් එක කණ්ඩායමක් ලෙස එකමුතුකොට ඒ රටවල දේශපාලන නායකයින්හට බලපෑම් කරන පීඩන කණ්ඩායමක් හෙවත් Pressure group එකක් ලෙස ඉදිරිපත් වෙමින් සිංහල ජාතිය වෙත එල්ලවන අභියෝග ජය ගැනීමටයි. ශ්‍රී ලංකාව සැලකූ විට ලෝක දමිල ඩයස්ෆෝරාව, මුස්ලිම් ඩයස්ෆෝරාව දැනටමත් අතිශය ප්‍රබල ලෙස ක්‍රියාත්මක වෙමින් තිබේ. ජාත්‍යන්තර සිංහල සම්මේලනය හෙවත් International Sinhala Federation (ISF ) යනු ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සියලුම රටවල් වල වෙසෙන දේශප්‍රේමී සිංහලයාගේ ආරක්ෂක කඳවුරයි. නුදුරු අනාගතයේදීම ලොවපුරා වෙන්වෙන්ව කටයුතු කරන සියලුම සිංහල සංවිධාන ජාත්‍යන්තර සිංහල සම්මේලන පියසෙහි සෙවන ලබනු ඇත.

අරමුණු

සියලු ජන කොටස් හි අභිවෘද්ධිය සලසන අභිමානවත් සිහල දේශයක් ස්ථාපිත කිරීම.

හෙළ ප්‍රජාවට එක පියසක සෙවන

ලොව පුරා විසිරී සිටින සිංහල ප්‍රජාව හා විවිධ අරමුණු සඳහා සැදුම්ලත් සිංහල කණ්ඩායම්, සම්මේලනයේ අරමුණු වෙනුවෙන් පෙළ ගැස්වීම මගින් එක් ප්‍රබල තනි කණ්ඩායමක් ලෙස සංවිධානය කිරීම.

සිංහල බෞද්ධ රාජ්‍යක්

සිංහල ප්‍රජාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීම සඳහා හෙළ දෙරණේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම හා සිංහලයාගේ නිජබිම වන ඓතිහාසික සිංහල බෞද්ධ රාජ්‍යයේ තිරසාර පැවැත්ම තහවුරු කිරීම.

විදෙස් ඉපයීම් වලට වාසි

විදෙස්ගත සිංහල ප්‍රජාව උපයන ආදායමට සාපේක්ෂව ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේදයන් සකස් කිරීම.

පෙර දැක්ම

සිංහල ජාතියට ඇති අනතුරු හා අභියෝග කලින් හඳුනාගැනීම හා පෙර සූදානම් වීම.

දේශීය සම්පත් කළමනාකරණය

දේශය සතු මානව සම්පත් ස්වාභාවික සම්පත් ඇතුළු සියලු සම්පත් හඳුනාගැනීම හා ඒවා උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම හා නිවැරදි කළමනාකරණය කිරීමට දායක වීම.

දේශීය කර්මාන්ත පුබුදුව

දේශීය කර්මාන්ත ව්‍යාපාර ස්වයං රැකියා නගාසිටුවීමත් හා දැනුම මත පදනම් වූ නවීන හෙළ ආර්ථිකය රටාවක් ස්ථාපිත කිරීම.

පාසල තුලට හෙළ අභිමානය

සිංහල දරුවන්ගේ අධ්‍යාපන දැනුම කුසලතා හා නිපුනතා මට්ටම ඉහල දැමීමත් පාසල් සමයේ සිට හෙළ අභිමානය ගොඩ නැංවීම හා සිංහලයින් ලෙස නැගී සිටීමට පුහුණු කිරීමත් සඳහා පාසල් විෂය නිර්දේශ හරහා බලපෑම් කිරීම.

මතු පරපුරේ දේශපාලන නායකත්වය

දේශප්‍රේමී උගත් සිංහල බෞද්ධ නායකයින් බවට පත්කළ හැකි ලක්ෂණ පෙන්නුම්කරන තරුණ තරුණියන් හඳුනාගෙන ඔවුන් දේශපාලන නායකත්වය සඳහා සූදානම් කිරීම.

නිරෝගී හෙළ පරපුරක්

සමස්ත සිංහල ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්ෂන වැඩපිළිවෙලක් දියත් කිරීම.

මනුසත් බව

ආපදා කළමනාකරනය.

වැඩුණු පවුල ඉස්තරම්

ජාතියට වැඩිවැඩියෙන් දරුවන් දායාද කිරීම සඳහා සිංහල ප්‍රජාවගේ පවුල් සංස්ථාව නගාසිටුවීම පිණිස ගෘහ මූල්‍ය ස්ථාවරත්වය ස්ථාපිත කිරීම.

වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය

බෞද්ධ විහාරස්ථාන හා බෞද්ධ අධ්‍යාපනය නගාසිටුවීමට ප්‍රමුකත්වය ලබාදීම.

පුරාවස්තු සුරුක්ෂිතයි

සිංහල බෞද්ධ අනන්‍යතාවය පිළිබිඹු කෙරෙන සියලු පුරාවස්තු, පුරාවිද්‍යාත්මක ස්ථාන, සුරක්ෂිත කිරීම.

රට පුරා ව්‍යාපෘති

සම්මේලනයේ අරමුණු ඉටුකර ගැනීම සඳහා ව්‍යාපෘති ඇතිකිරීම කිරීම.

රට රකින්න අරමුදල්

සම්මේලනයේ පැවැත්ම හා ව්‍යාපෘති සඳහා අරමුදල් එක්රැස් කිරීම.

දැක්ම

සියලු ජන කොටස් හි අභිවෘද්ධිය සලසන අභිමානවත් සිහල දේශයක් ස්ථාපිත කිරීම

සභාපතිතුමාගේ පණිවිඩය

“ශ්‍රී ලංකාවේ සියලු ජාතීන්ට සාමයෙන් සතුටින් ජීවත් විය හැක්කේ එය සිංහල දේශයක්ව පවතින තුරු පමණි. එබැවින් සියලුම සිංහලයන් ආගම් පක්ෂ බේදයකින් තොරව රට බේරා ගැනීම සඳහා ඒක රාශී විය යුතුයි”
- අද්මිරාල් සරත් වීරසේකර. -

මෙහෙවර

හෙළ දෙරණේ එක නීතියක්, එකම ධජයක් සහ එකම ජාතික ගීයක් ස්ථාපිත කිරීම.

අපගේ ලිපි

සිවිල් ආරක්ෂක බලකාය නිර්මාණය කොට මායිම් ගම්මාන වල සිංහල මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීම

ජිනීවාහිදී ඇතිවූ උද්වේගකාරී අවස්තාවක්

බ්‍රිතාන්‍ය LTTE විරෝධී භූමිකාවගැන සෑහීමකට පත්විය නොහැකියි

ශ්‍රී ලංකාවේ මූලික මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරන්න බ්‍රිතානයට හැකිද?

එක්සත් ජාතින්ගේ නියෝජිතයින් LTTE හිරකරුවන් බැලීම හරිද?

සේකර ටෙලෝ වෙබ් අඩවියේ

19 වැනි සංශෝධනයට විරුද්ධ වූ එකම සේකර

යුද්ධය හා මානව හිම්කම් උල්ලංගනය

යුධ චිත්‍රපට වල දිශානතිය

සංවිධාන ව්‍යුහය

වත්මන් සාමාජිකයින්

මේ වන විට එක්වී ඇති සාමාජිකයින් තම ඉලක්ක උපරිම ලෙස ලඟා කරගත් දේශප්‍රේමී සිංහලයින් පිරිසකි. මේ අතර ව්‍යාපාරිකයින්, ව්‍යවසායකියින්, ජේෂ්ඨ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ඇතුළුව අනෙකුත් සියලු වෘත්තීන්හි ඉහලම තලයන්යි වැජබෙන වෘත්තිකයින් වීම විශේෂත්වයකි.

සාමාජිකත්වය

සම්මේලනයේ සාමාජිකත්වය ව්‍යවස්ථාවට අනුව ඒක පුද්ගල සාමාජික ලෙස හෝ අවම හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස එකතුවී “ප්‍රාදේශීය ශාඛා සම්මේලයක්” හෙවත් Divisional Sinhala Federation (DSF) එකක් ඔබ ප්‍රදේශයේ ආරම්භ කිරීම හරහා ලබා ගැනීමට මේ වන විට හැකියාව උදාකර දී තිබේ.

බාහිර සංවිධාන සඳහා සාමාජිකත්වය

බාහිර සංවිධානවල අනන්‍යතාවය රැකෙන පරිදී අවබෝධතා ගිවිසුමක් හරහා සාමාජිකත්වය පිරිනැමේ. එම සංවිධානවලට අප සම්මේලනය හරහා තම අරමුණු ලඟා කරගැනීමට අවස්තාව ලබා දෙන අතර සිංහල ප්‍රජාවගේ අභිවෘධිය වෙනුවෙන් කරනු ලබන ව්‍යාපෘති සඳහා සම්මේලනයේ විදේශ ගත සාමාජිකයින්ගේ උදව් උපකාර ලබා ගැනීමට බාදාවක් නැත.

ප්‍රධාන පරිපාලන ව්‍යුහය

පරිපාලන පහසුව පිණිස සම්මේලනය ප්‍රධාන වශයෙන් එකිනෙකට ස්වාධීන නමුත් පරිපාලන ව්‍යුහයක් යටතේ පවත්නා සාමාජික කණ්ඩායම් හතරකි.

  • උපදේශක මණ්ඩලය
  • විධායක සභාව
  • පාලක සභාව
  • ප්‍රාදේශීය සංවිධාන
සංවිධානයක අධ්‍යක්‌ෂ මණ්ඩලය

සම්මේලනයේ විධායක සභාවේ හැර අනෙකුත් සංවිධාන වල අපෙක්ෂ මණ්ඩල පහත දැක්වෙන ආකාරයෙන් නිර්මාණය වී තිබේ

  • සභාපති
  • උප සභාපති
  • කළමනාකාර අධ්‍යක්ෂ
  • අධ්‍යක්ෂ මුදල්
  • නියෝජ්‍ය අධ්‍යක්ෂ මුදල්
  • අධ්‍යක්ෂ ව්‍යාපෘති
  • අධ්‍යක්ෂ සමාජිකත්ව ප්‍රවර්ධන
  • අධ්‍යක්ෂ තොරතුරු තාක්ෂණ
  • අධ්‍යක්ෂ මාධ්‍ය
  • අධ්‍යක්ෂ කළමනාකරන
  • අධ්‍යක්ෂ ගුණාත්මක ඇගයීම්
  • අධ්‍යක්ෂ ජාත්‍යන්තර සම්බන්දතා
  • අධ්‍යක්ෂ අභ්‍යන්තර විගණන
සංවිධානයක අධ්‍යක්ෂ මණ්ඩලය

සම්මේලනයේ විධායක සභාවේ හැර අනෙකුත් සංවිධාන වල අපෙක්ෂ මණ්ඩල පහත දැක්වෙන ආකාරයෙන් නිර්මාණය වී තිබේ

  • සභාපති
  • උප සභාපති
  • කළමනාකාර අධ්‍යක්ෂ
  • අධ්‍යක්ෂ මුදල්
  • නියෝජ්‍ය අධ්‍යක්ෂ මුදල්
  • අධ්‍යක්ෂ ව්‍යාපෘති
  • අධ්‍යක්ෂ සමාජිකත්ව ප්‍රවර්ධන
  • අධ්‍යක්ෂ තොරතුරු තාක්ෂණ
  • අධ්‍යක්ෂ මාධ්‍ය
  • අධ්‍යක්ෂ කළමනාකරන
  • අධ්‍යක්ෂ ගුණාත්මක ඇගයීම්
  • අධ්‍යක්ෂ ජාත්‍යන්තර සම්බන්දතා
  • අධ්‍යක්ෂ අභ්‍යන්තර විගණන
උපදේශක මණ්ඩලය

උපදේශක මණ්ඩලය රටතුල තුල විවිධ ක්ෂේස්ත්‍රහි කැපී පෙනෙන වැඩ කොටසක් කර සමාජයට ඒ බව තහවුරැ කරන ලද සාමාජිකයින්ගෙන් සමන්විත වේ.

උපදේශක මණ්ඩලයේ සැකැස්ම

උපදේශක මණ්ඩලය විවිධ ක්ෂේත්‍රවලට අයත් පිරිසකගෙන් සමන්විත වන අතර එක හා සමානකම් ඇති පිරිස් එකට එකතුවී සිංහලයා නගා සිටුවීමට හා අනෙකුත් ජාතීන් අතර සමගිය ඇතිකිරීමට දායක වීමේ පහසුව පිණිස පහත දැක්වෙන ලෙස ආදර්ශ කණ්ඩායම් වලින් සමන්විත වේ.

  • උපදේශකමණ්ඩලය: ජාතික නායකයින්ගේ කණ්ඩායම
  • උපදේශක මණ්ඩලය:ව්‍යවසායකයින්ගේ කණ්ඩායම
  • උපදේශක මණ්ඩලය: හිටපු විධායක මණ්ඩල සාමාජිකයින්ගේ කණ්ඩායම
  • උපදේශක මණ්ඩලය: වෛද්‍ය වරුන්ගේ කණ්ඩායම
  • උපදේශක මණ්ඩලය: රාජ්‍ය නිලදාරීන්ගේ කණ්ඩායම

උපදේශක මණ්ඩල කණ්ඩායම් අවශ්‍යතාවය පරිදි නිර්මාණය කල හැකි අතර කණ්ඩායමක අවම සාමාජිකයින් සංඛ්‍යාව 12ක් වේ. කණ්ඩායම විශාල වන විට ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සම්මේලනයේ ව්‍යවස්ථාවට අනු කූලව පත්කල හැක. අවශ්‍ය පරිදි කණ්ඩායම් සංඛ්‍යාව වැඩිකර ගැනීමට හැකියාව තිබේ.

සම්බන්ද වන්න

ශ්‍රී ලංකා

නො 262 G,

පලවෙනි පටුමග,

ශාන්තිපුර,

තලවතුගොඩ

077 34 35 111

ඔස්ට්‍රේලියා

නො 1/526,

වැවර්ලි පාර,

මවුන්ට් වැවර්ලි,

වික්ටෝරියා,

3149,

ඔස්ට්‍රේලියා.

613 98 03 67 73
614 47 88 11 88

ඇමෙරිකා

නො: 9154,

සැන් ලුවිස් ,

ඔබිස්පෝ පටුමග,

රිවර්සයිඩ්,

කැලිෆෝනියා,

92508,

යු එස් ඒ.

+1(951) 45 57 591
ඔබගේ සහයෝගයට සුතූතියි.